ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක්

ජ්‍යොතිෂය පිළිබඳ මගේ හැඳින්වීම

ආයුබෝවන්.

මම මෙම ලිපිය පළ කරන්නේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් යම් කුතුහලයකින් හෝ තම ජන්ම කේන්ද්‍ර සටහන පිළිබඳ අනවබෝධයකින් සිටින අයෙකුට කියවීම පිණිසය. ජ්‍යොතිෂය පිළිබඳව මා සතු දැනුම හා අත්දැකීම් අනුව, එය පිළිබඳව සරලව යමක් පැහැදිලි කර දීම මෙහි අරමුණයි.

මා ජ්‍යොතිෂය ඉගෙන ගත්තේ මීට අවුරුදු 21කට පමණ පෙර පානදුර ප්‍රදේශයේ විසූ ජ්‍යොතිෂාචාර්යවරයකුගෙනි. ඒ වන විට අපොස උසස් පෙළ හදාරීමෙන් පසුව, මම පරිගණක විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද හදාරමින් සිටියෙමි.

එම කාලයේදී පරිගණකය භාවිතයෙන් සත්‍ය කීමේ ක්‍රමවේදයක් කිසියම් පිරිසක් විසින් අත්හදා බලමින් සිටින බව මට විටින් විට අසන්නට ලැබුණි. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ පුවත්පත් කියවීමෙන් ලද තොරතුරුවලට අනුව, ඒ පිළිබඳව තවදුරටත් හැදෑරීමේ ආශාවක්ද මා තුළ ඇති විය.

පිටුව 1 / 12