කේන්ද්‍රය භාවිත කළ හැකි ආකාරය
මා මේ පිළිබඳව කේන්ද්‍ර සටහන් ගණනාවක් සමඟ පරීක්ෂා කර බලා තිබේ. ඒවා පිළිබඳව සොයා බැලීමේදී, විවිධ කරුණු අතර ඇති සම්බන්ධතා හා ඒවාට අදාළ වූ කාලවකවානුවල සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සත්‍ය වූ කරුණු පිළිබඳව බොහෝ අවස්ථාවලදී මා අත්දැක තිබේ.
එහෙත්, එයින් අදහස් වන්නේ ඔබේ ජීවිතය ඔබේ කේන්ද්‍රයෙන් තීරණය වී අවසන් බව නොවේ.
ජ්‍යොතිෂය ඔබේ ජීවිතය වෙනුවෙන් ගත යුතු සෑම තීරණයක්ම ලබාදෙන දෙයක් ලෙස නොව, ඔබට යම් යම් දේවල් තේරුම් ගැනීමට සහ ඔබේම තීරණ ගැනීමේදී යම් ආකාරයක සහායක් ලබාගත හැකි මෙවලමක් ලෙස භාවිත කළ හැකිය.
ජ්‍යොතිෂය ඔබ අදහන ආගමක් හෝ ධර්මයක් විය යුතු නැත.
එහෙත් ලෞකික ජීවිතයේදී “සූදානම් වී සිටීම” සහ “Planning and Win” වැනි කටයුතුවලදී, ඔබට සහයක් කරගැනීමට ඔබේ ජන්ම කේන්ද්‍රය ප්‍රයෝජනවත් මෙවලමක් කරගත හැකිය.
පිටුව 4 / 12
